Wednesday, May 27, 2020

ධර්මය ? අධර්මය?

ධම්ම සූත්‍රය
ධර්මය ගැන වදාළ දෙසුම


 “මහණෙනි, ඔබට ධර්මය ත්, අධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්
.....................................................

මහණෙනි, අධර්මය යනු කුමක්ද?
වැරදි දෘෂ්ටිය ය, වැරදි සංකල්පය ය, වැරදි වචන භාවිතය ය, වැරදි කායික ක්‍රියා ය, වැරදි ජීවිකාව ය, වැරදි උත්සාහය ය, වැරදි සිහිය ය, වැරදි චිත්තේකාග්‍රතාවය ය, වැරදි ඥානය ය, වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අධර්මය යැයි කියනු ලැබේ.
...............................................
මහණෙනි, ධර්මය යනු කුමක්ද?
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචනය භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ධර්මය යැයි කියනු ලැබේ.
අඞ්ගුත්තරනිකාය »
දසකනිපාතපාළි »
(14) 4. සාධුවග්ගය »
ධම්මාධම්ම සූත්‍රය

ලංකාදීපයේ කල්පයක ඉතිහාසය

කල්පයක ඉතිහාසයක් ඇති ලංකාදීපයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන් තොරතුරු
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ මහා භද්ර කල්පයේ පළමුවෙන් ලොව පහළ වී වදාළේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. සියලු ධර්මයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු, සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පා ඇති, ලොවට ශාස්තෘ වූ සේක් උන්වහන්සේ ය.

🌸 ඒ කාලේ මේ මහමෙව්නා උයන හැඳින්වූයේ මහාතිත්ථ යන නමින්. මහාතිත්ථ උයනට නැගෙනහිරින් අභය කියලා නගරයක් තිබුණා.
🌸. කොළොම් හොයට එපිටින් නැගෙනහිරට වෙන්ට පිහිටි ඒ අභය පුරයේ හිටියේ අභය නමින් රජකෙනෙක්. ඒ කාලයේ මේ ලංකාද්වීපය හැඳින්වූයේ ඕජදීප කියලා.
🌸. ඕජදීපවාසීන්ට පුණ්ණකාල නම් රකුසෙක් නිසා හටගත් පජ්ජරක නම් උණ රෝගයක් වැළඳිලා තිබුණා. අපගේ කකුසඳ දසබලයන් වහන්සේ ඕජදීපවාසීන්ට ඇති වී තිබෙන ඒ උපද්රවය දැක වදාළා.
🌸. ඒ උපද්රවය නසා මනුෂ්යයන් හට විනයත්, කකුසඳ බුදු සසුනේ පැවැත්ම පිණිසත් මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බලය නිසාවෙන්,
🌸. හතළින් දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉර්ධිබලයෙන් යුතුව අහසින් වැඩමවා දෙව්කුළු නමැති පර්වතය මතට වැඩ වදාළා.
🌸. මහරජ්ජුරුවෙනි, කකුසඳ සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් මේ මුළු ද්වීපයෙහිම තිබුනු පජ්ජරක රෝගය සංසිඳී ගියා.
🌸. නරේශ්වරයෙනි, එහි වැඩසිටි ඒ මුනිවරයන් වහන්සේ මේ ඕජදීපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා කියා අධිෂ්ඨාන කොට වදාළා.
🌸. ඒ වගේම මා වෙතට එන්ට කැමති සියලුම මනුෂ්යයෝ ඉතා සුවසේ ඉක්මනින්ම පැමිණෙත්වා’ යි කකුසඳ මහා මුනීන්ද්රයන් වහන්සේ අධිෂ්ඨාන කළා.
🌸. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කකුසඳ බුදුරජාණන් වහන්සේත් ඒ බුදු රැසින් දිලිසෙන දෙව්කුළු පර්වතයත් දුටු අභය රජ්ජුරුවෝත් නුවරවැස්සෝත් වහාම එතැනට පැමිණියා.
🌸. දෙව්කුළු පර්වතවාසී දෙවියන්ට පුදපූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිස්සුත් සිටියා. ශ්රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවෝ පෙනෙන්ට ම වැඩම කොට සිටින බවයි.
🌸. ඒ අභය රජ්ජුරුවෝ අතිශයින් ම සතුටට පත්ව කකුසඳ මුනිරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළා. අභයපුරය සමීපයෙහි පිහිටි මහාතිත්ථ උද්යානයට වඩමවාගෙන ගියා.
🌸. සංඝයා වහන්සේලා සහිත වූ කකුසඳ බුදුරජාණන් වහන්සේට වැඩ හිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළියෙළ කෙරෙව්වා. මේ මහාසෑ පිහිටන උස්භූමිය උන්වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩහිඳින්ට පුළුවන් රමණීය තැනක් බව සිතා,
🌸. කරවන ලද රම්ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වු සම්බුදුරජාණන් වහන්සේව අභය රජ්ජුරුවෝ වඩා හිඳෙව්වා.
🌸. සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද ඕජදීපවාසී මනුෂ්යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවා.
🌸. රජ්ජුරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූත්, මිනිසුන් විසින් ගෙනාවා වූත් ප්රණීත ඛාද්ය භෝජ්යයන් ගෙන් සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය
පිළිගැන්නුවා.
🌸. මේ ස්ථානයේ ම දානයෙන් පසුවත් වැඩහුන් කකුසඳ භාග්යවතුන් වහන්සේට අභය රජ්ජුරුවෝ මහා තීර්ථක උද්යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා.
🌸. ඒ අවස්ථාවේ මහා තිත්ථ වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුනා. කකුසඳ භාග්යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා වුනා.
🌸. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ දෙසුම අවසානයේ හතළිස් දහසක් මනුෂ්යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුනා.
(මිහිදු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට පවසන ලද ලක්දිවේ අතීත කතාව - උපුටාගැනීම , මහාවංසය )